Facebook Twitter Pinterest LinkedIn WhatsApp Gmail Viber සර්පයින් හඳුනාගනිමු උග්‍ර විෂ සර්ප විශේෂ මෙම සර්පයන්ගෙන් සිදුවන දෂ්ටනයන්ගෙන් මිනිසුන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකිය. මරණය වාර්තා වූ දෂ්ටන සිදුව ඇත. (1) Naja naja - නයා - නාගයා (2) Daboia russelii - තිත් පොළඟා - දාර පොළඟා - සොහොන් පොළඟා - කන්නාඩි පොළඟා (3) Bungarus caeruleus - තෙල් කරවැලා - මගමරුවා (4) Bungarus ceylonicus - මුදු කරවැලා - දුණු කරවැලා - හත් කරවැලා (5) Hypnale hypnale - කුණකටුවා - පොළොන්තෙලිස්සා - තොලවිස්සා - තෙලිස්සා - තෙලිසපු (6) Hypnale zara - පහතරට මූකලන් තෙලිස්සා - පහතරට මූකලන් කුණකටුවා - වයිරන් ගෙලැති කුණකටුවා - වයිරන් ගෙලැති තෙලිස්සා - තොලවිස්සා - තෙලිස්සා - තෙලිසපු - හෙප්පුකටා උග්‍ර විෂ විය හැකි සර්ප විශේෂ මෙම සර්පයන්ගෙන් සිදුවන දෂ්ටනයන්ගෙන් මිනිසුන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකිය. නමුත් මේ දක්වා මරණය වාර්තා වූ දෂ්ටන සිදුව නැත. (1) Echis carinatus - වැලි පොළඟා (2) Hypnale nepa - මූකලන් තෙලිස්සා - මූකලන් කුණකටුවා - කඳුකර තෙලිස්සා - කඳුකර කුණකටුවා - කුණකටුවා - තෙලිස්සා - තොලවිස්සා (3) Craspedocephalus trigonocephalus පලා පොළඟා ඡායාරූප අනුග්‍රහය: විමුක්ති වීරතුංහ, කලණ වීරක්කොඩි මුලාශ්‍රය: Fernando M. 2019. Medically important snakes in Sri Lanka. Colombo: Sri Lanka Medical Association, pp. 1-5. https://slma.lk/wp-content/uploads/2019/11/3.-Medically-important-snakes-in-Sri-Lanka-ver.-3-17.11.20191.pdf Facebook Twitter Pinterest LinkedIn WhatsApp Gmail Viber