ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ටන පිලිබඳ විශේෂඥ කමිටුව
මගින් නිර්දේශිත සර්ප දෂ්ඨනය සදහා ප්‍රථමාධාර
සර්පයෙකු විසින් දෂ්ඨ කල විට සාර්ථක ප්‍රථමාධාර ලබා දිය යුතුය. එමගින් පටක වලට ඇතුළු වූ විෂ පැතිරීම හා එමගින් ඇතිවන සංකූලතා වැලැක්වීම හෝ අවම කිරීම සිදුවේ. වැරදි ප්‍රථමාධාර නිසා හානි සිදුවිය හැකිය.
පහත දැක්වෙන සරල, ප්‍රායෝගික ඵලදායී හා ආරක්ෂා සහිත ප්‍රථමාධාර ක්‍රම සර්ප දෂ්ඨනයකදී නිර්දේශ කෙරේ
1. සර්පයෙකු දෂ්ඨ කළ විට පළමුව ඇතිවන ප්‍රතික්‍රියාව නම් රෝගියා තුල හටගන්නා මරණ බියයි. එම බිය තුරන් කිරීම අත්‍යවශ්‍යය. ඒ සදහා ධනාත්මකව සහ විශ්වාසයෙන් යුතුව රෝගියාගේ බිය පහන් වන තෙක් පහත සදහන් කරුණු එකින් එක රෝගියාට පහදා දෙන්න.
සර්පයින් වැඩි දෙනා විෂ සහිත නොවේ.
සර්පයා විෂ සහිත වුවත් බොහෝ විට ඔවුනට විෂ ශරීර ගත කිරීමට අවකාශ නොලැබේ.
ඔවුන්ගේ දල පහර වැදී තිබීම පමණක් විෂ ඇතුළු වූ බවට සාක්ෂියක් නොවේ.
විෂ ශරීරගත වී තිබුණද එයට සම්පූර්ණ සුවය ලබාදිය හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රම මෙරට රෝහල් වල ඇත.
2. සර්ප දෂ්ටනයට ලක්වූ පුද්ගලයා හා දෂ්ටනය සිදු වූ ස්ථානය (උදාහාරණ: අත, කකුල) නොසෙල්වනසේ තැබිය යුතුය. මක් නිසාද යත්
සපා කන ලද ස්ථානය සෙලවීම ශරීර ගතවූ විෂ ශරීරට පුරා පැතිරීම ඉක්මන් කරයි. එම නිසා රෝගියාට ඇවිදගෙන යාමට ඉඩ නොදී ඔසවා ගෙනයාම වඩාත් සුදුසු වේ.
නොසෙල්වෙන සේ තැබීම විෂ ශරීරයේ පැතිරී යාම අවම කිරීමට මෙන්ව වේදනාව අවම කිරීමටද ඉවහල් වෙයි. දෂ්ටනය සිදුවූ ස්ථානය නොසෙල්වෙන පරිදි පතුරු කැබැල්ලක් වැනි නොනැමෙන සෘජු දෙයක් තබා ලිහිල්ව වෙලීම සුදුසු වේ.
3. සර්පයා දෂ්ට කරනු ලැබූ ස්ථානය තෙත රෙදි කැබැල්ලකින් මෘදුව පිස දැමීම හෝ සබන් ගා ජලය යොදා ගනිමින් මෘදුව පිරිසිදු කිරීම සම මතුපිට පැවතිය හැකි විෂ ඉවත් කිරීමට දායක වෙයි. තදින් පිරිමැදීම හෝ සේදීම විෂ පැතිරීම ඉක්මන් කිරීමට හේතු වේ.
4. විෂ සහිත සර්පයෙකු දෂ්ඨ කල පසු එම ස්ථානය සාමාන්‍ය යෙන් ඉදිමෙයි. ඉදිමීම නිසා තෙරපීමකට ලක්වීම වැලැක්වීම සදහා මුදු, වළලු, නූල්, ඇදුම් යනාදිය හැකි ඉක්මනින් ඉවත් කල යුතු වෙයි.
5. වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් පෙති දෙකක් භාවිතා කිරීම ආරක්ෂා සහිතය.
6. රෝගියා හැකි ඉක්මණින් රෝහලක් කරා රැගෙන යා යුතුය. දෂ්ටනය සිදු වූ අවස්ථාව හා පරිසරය නිවැරදිව විස්තර කිරීමෙන් සර්පයා හදුනාගැනීම සහ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ලබාදීමට උපකාර වේ. දෂ්ටනය කල සර්පයා පණ පිටින් හෝ මරණයට පත්කර රෝගියා සමග රෝහලට ගෙනයාම තව දුරටත් අවශ්‍ය නොවේ. මිය ගිය සහ මිය නොගිය සර්පයින් ඉතා ආරක්ෂාකාරීව හැසිරවිය යුතුය.
සර්පයෙකු දෂ්ට කළ විටදී ඔබ නොකළ යුතු දේ